Latest technology,PC tips,News,Tv Series and much more.....

සංස්කරණය කරමින් පවතී........

මෙම බ්ලොග් අඩවිය සංස්කරණය කරමින් පවතී....ඉදිරි දිනයකදී නැවතත් යථාතත්වයට පත්කරනු ඇත....
Share:

Drivers හොයාගන්න බෑ වගේද???

ඔන්න ඉතින් මේ තමයි මගේ 50වැනි පෝස්ට් එක.මේ වෙනකල් ටගෙත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ස්තූතියි.ඒ වගේම මගේ blog එකත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න කියල මම ඉල්ලනවා ඔයාලා හැමෝගෙන්ම. 

    අපි අලුතෙන් ලැප්ටොප් එකක් හරි desktop එකක් හරි ගත්තහම අපිට එන ප්‍රධානම ගැටළුවක් තමයි ඒක format කලාම එක එක ලෙඩ එන එක.ඒ කියන්නේ screen එකේ වර්ණ හරියට පේන්නේ නැති එක,USB Port හරියට වැඩ කරන්නේ නැති එක,පිටින් සම්බන්ධ කරන උපාංග හඳුනා නොගැනීම වගේ ලෙඩ ගොඩාක් අපිට මතු වෙනවා. එහෙම වෙන්නේ ඒකට නිවැරදි විදිහට Drivers ස්ථාපනය වුනේ නැති උනහම සංහලෙන්ම කිව්වොත් Drivers නිවැරදි විදිහට install වුනේ නැති උනාම.SO අපිට ඒක මල වදයක් වෙනවා ,ඒ අපිට හරියටම ගැළපෙන drivers හොයාගන්න බැරි උනාම. එහෙම වෙලාවට අපිට වෙන්නේ හැම තැනකම මේකට හරියන drvers හොයන්න තමයි. අන්න ඒකට සුපිරි විසඳුමක් දෙන්න තමයි අද මම ආවේ. මම දෙන්න යන්නේ ගොඩාක් famous software එකක්. ඒ තමයි Driver Pack Solution කියන software එක.

            මේ software එක අපිට http://drp.su/ කියන ලින්ක් එකට ගිහින් බාගන්න පුළුවන්.මේක 10GB විතර එකක්. මේක download වෙන්නේ ඉමේජ් ෆයිල් එකක් විදිහට.ඒ නිසා අපිට පුළුවන් මේක DVD එකකට උනත් write කරන්න. ඊට පස්සේ සෙටප් එකට ගියාම Driver Pack Solution වින්ඩෝ එක එනවා. එකේ පෙන්නනවා අපේ PC එකේ මොන මොන drivers ඉන්සටෝල් වෙලා තියෙන්නේ මොනාද ඉන්ස්ටෝල් කරන්න ඕන මොනාද අප්ඩේට් කරන්න ඕන කියලා.ඉතින් අපිට පුළුවන් Install and Update කියන බටන් ක්ලික් කරලා අපිට අවශ්‍ය drivers ඉන්ස්ටෝල් කරගන්න පුවවන්.මෙහෙම ඉන්ස්ටෝල් කරනකොට අපේ පරිගණකය internet connect කරලා තියෙන්න ඔනි නෑ.

ඒ වගේම මම කලින් කිව්ව වෙබ් සයිට් එකට ගිහින් online බටන් එක හරහා online විදිහට අපිට drivers install කරගන්න පුළුවන්කම තියෙනවා.


ඔන්න අද පෝස්ට් එකත් ඉවර කලා.හැබැයි මේ solution එක වින්ඩෝස් OS usresලට විතරයි කියලා මතක තියාගන්න.ඊළඟ පෝස්ට් එකෙන් හම්බවෙමු.!!!!!!!!!!!
Share:

Clash of clans 02-කොටස.....

            ඔන්න ගෙනාවා Clash of Clan පෝස්ට් එකේ දෙවන පෝස්ට් එක.මේකෙදි මම කතා කරන්න බලාපොරොත්තුවන්නේ අපි ගොඩදෙනෙක් දමාගෙන ගහන මේ ගේම් එකේ නොදන්න කරනු කීපයක් ගැනයි. හරි මෙන්න එහෙනම් කරුණු විදිහටම තියෙනවා. හැබැයි පෝස්ට් එක හිතුවට වැඩිය දිග උනා කම්මැලි නැතිව කියවන්නකෝ...

1.මේ ගේම් එක හදලා තියෙන්නේ SuperCell කියන සමාගමයි.මේ සමාගම හදලා තියෙන්නේ 2010 ෆින්ලන්තයේදී.මේ ගොල්ලෝ Boom beach,Hay Day,Clash Royale කියන හිට් උන ගේම්ස් හදලා තියෙනවා.මේ සමාගම ඩො.බි.5.5කට හිමිකම් කියනවා.COC ගේම් එකෙන් දවසකට ඩො.මි.5ක් හොයන්න සුපර් සෙල් එක සමත් වෙනවලු. මොනාඋනත් පිස්සුව තමයි හැමවෙලාවෙම යූසර්ලා මිලියන30 ඇක්ටිව් වෙලා ඉන්නවලු.මේ හැමඑකක්ම පාලනය කරන්නේ මිනිසුන් 15ක්ලු.

2.Clash of Clan player “පැන්ඩා” කියන හාදයා එක මාසෙකට $700 වියදම් කරනවලු මේ ගේම් එකට.ඒ වගේම “හෝ හේ යෑල්ස් කියන කෙනා සතියකට $250 වියදම් කරනවලු jems වලට.
3.මේ සමාගමට හම්බෙන සල්ලිවලින් කොටසක් මේගොල්ලෝ එයාලගේ මේ ගේම් එක develop කරන්න ලැබ් ගන්නවා කියලා තමයි දැනගන්න හම්බ උනේ.(අනිත් ඒවට මොනාකරනවද කියලා හොයාගන්න බැරි උනා.)

4.තව දෙයකත් කිව්වොත් ගොඩාක් ජනප්‍රිය පුද්ගලයින් ඒ කියන්නේ බාස්කට් බෝල් ක්‍රීඩකයෝ,ජනප්‍රිය නළුවන් වගේ ගොඩදෙනෙක්,ආ තව විශේෂ එක්කෙනෙක් ඉන්නවා ඒ තමයි අපි හැමෝම දන්න ජෝන් සීනා” එයත් COC ගහනවා කියහල්ලකෝ.

5.Pig Rider එහෙම නැත්තන් Hog Rider කියන්නේ defence වලට ගහන්න කියාපු භාණ්ඩයක්නි. ඉතින් මේ pig rider කියන්නේ ඇත්තම චරිතයක් කියලා ඔයගොල්ලෝ දැනන් හිටියද?නෑ නේ එහෙනම් දැන් දැනගන්න.(හැබැයි pig  නැතුව හොඳේ)මෙයාගෙ නම තමයි මිස්ටර් ටී. මේ පිග් රයිඩර් ,මිස්ටර් ටී කියන කෙනාට ගොඩාක් සමානව තමයි හදලා තියෙන්නේ එකම වෙනස තමයි ඒ අයගේ කටහඬ.

6.තව විශේෂ කෙනෙක් තමයි PEKKA.මෙයා ගොඩක් වටින හොඳ ආමර් එකක් තියෙන ඕනම දෙයකට ලොකු හානියක් කරන්න පුළුවන් කෙනෙක්.මේ PEKKA කියන නමේ තේරුම තමයි,Perfect Enraged Knight Killer of Assassins කියන එක. මේ නම තෝරලා තියෙන්නේ මේ ගේම් එක ගහන අය විසින්මයි.හැබැයි මේ කියන PEKKA නයිට් කෙනෙක්ද,සමුරායි කෙනෙක්ද,රොබෝ කෙනෙක්ද කියලා කව්රුත් දන්නේ නෑ.මං දන්නෑ සුපර් සෙල් එකවත් දන්නවද කියලා. හැබැයි එක දෙයක් දන්නවා මේ කව්රු උනත් මෙයා ගැහැණු කෙනෙක් කියලා.ඒක හොයාගන්න අපිට පුළුවන් ගේම් එක ලෝඩ් වෙද්දි වැටෙනවා “The armor on P.E.K.K.A is so heave that the spring trap deos not work on her” කියලා ඉතින් අපිට කියන්න පුළුවන් මේ කෙල්ලෙක් කියලා.

7.තව දෙයක් තමයි මේ ගේම් එකේදී players ලාට විවේකයක් ලබා ගන්න පුවවන් විදිහට හදලා තියෙන එක.මේකෙදි අපේ බේස් එකට කව්රුහරි attack කලොත් අපිට කාලයක් දෙනවා අපිට කිසි ප්‍රශ්ණයක් නොවෙන්න.ඒත් එක්කම මෙහෙම විවේකයක් දෙන්න ප්‍රධානතම හේතුව තමයි මිනිසුන් එක දිගට ගේම්ස් play කිරීම නිසා සිදුවන ලෙඩරෝග වලින් ආරක්ෂාකරන්න සහ එක දිගට game play කරලා මිනිසුන් මියයන ප්‍රමාණය අවම කරන්න.ඉතිවන් ඔයගොල්ලොත් මේ ගේම් එක play කරනවානම් guard එකක් කියලා එකක් තියෙන්නේ නිකමට නෙවෙයි.තව ඔයගොල්ලන්ගේ බෙල්ල ගැන පරිස්සම් වෙන්න මේවගේ ගේම් ගහනකොට බෙල්ල පැත්තට බලපානවා වැඩියි.ඒ ගැනත් හිතන්න.

8.ඒ වගේම දැනට ගොඩක් මිනිස්සු try කරනවා මේ ගේම් එක hack කරලා ගහන්න පුළුවන්ද බලන්න.ඒ super cell company එක මේ දේවල් ගැන බලාගන්න පැය 24 පුරාවටම online සේවාවක් තියලා තියෙනවා කියලා නිවේදනය කරලා තියෙනවා.(අදත් (16/08/09) මේ අය එයාලගේ server එක upgrade කලා.)මෙහෙම හොරෙන් ගේම් එක ගහන්න යන අයගේ account block කරන්න සුද්ධ වෙනවා කියලා ඒගොල්ලෝ කියනවා.ඉතින් internet එකේ ගොඩක් මේ clash of clan හැකින් ගැන තිබ්බත් මම කියන්නේ අහුවෙන්නනම් එපා.ඒවා වයිරස් වෙන්න පුළුවන් එහෙම නැත්තන් ඒවා කීලොගර් වෙන්න පුළුවන්.හැබැයි මොඩ් කරපු coc වගේම හදපු ඇප් නම් තියෙනවා.ඒවා use කරට කමක්නෑ.


ඔන්න ඉතින් දිගයි කියලා බැලුවේ නැ ලියලම දැම්මා.ඊළඟ පෝස්ට් එකෙන් හම්බවෙමු.එතකන් ජය...
Share:

නිතර ගැටළුවක් වෙන මේ වීඩියෝ එකේ කොලිටිය ගැන.

                   අද කාලේ Films TV Series බලන් නැති කෛනෙක් නෑනි. ඒ අයට එන ප්‍රශ්ණයක් තමයි මේ ෆිල්ම්ස් වල කොලිටිය හොඳ නෑ කියන ඒක. ඒත් ඒක තේරෙන්නේ download කරලා ඉවර උනාට පස්සේයි. මේ පොස්ට් එකෙන් මම කියන්න යන්නේ අන්න ඒ කොලිටිය නැතිවෙන විදිහයි. ඔන්න පහළින් තියනවා බලාගන්නකෝ.



1.CAM - මේ වීඩියෝ type එක හදල තියෙන්නේ ෆිල්ම් හෝල් එකක තිරගතවෙද්දී Digital Camera එකක් භාවිතා කරලා රෙකෝඩ් කරපු ඒවායි. ෆිල්ම් එකක ඉස්සෙල්ලාම අපිට එන copy ය තමයි මේ CAM කියන්නේ. මේකේ රූපවල තියෙන් ගුණාත්මකභාවය ඉතාම අඩුතත්වයකයි තියෙන්නේ. ඒ වගේම මේ විදිහට එන ෆිල්ම්ස්වල film hall එකේ මිනිස්සු කතාකරන ශබ්ධය පවා ඇහෙනවා,මිනිස්සු නැගිටලා යන ඒවත් පේනවා. සිංහලෙන්ම කිව්වොත් මේ CAM copyය බලන්න ගියාම ෆිප්ම් බලන එකත් එපා වෙනවා.

2.TELESYNC (TS) – මේ කොපියත් ඉස්සෙල්ලා කියපු කැම් කොපියට සමානයි. මේකෙ තියන වෙනස තමයි ශබ්ධය,මේකෙ sounds ගන්නේ film hall එකේ තියෙන headphone jack එක භාවිතයට අරගෙනයි.ඒ නිසා CAM copyයට වඩා සද්දේ හොඳයි.
3.TELECENE (TC) – මේ කොපිය හදන්නේ ෆිල්ම් හෝල් එකේ රීල් එක පාවිච්චි කරලයි. කලින් දෙකට වඩා ටිකක් හොඳයි.

4.SCREENER (SCR) - මේක හදන්න ගන්නේ vhs tape වලින්.

5.DVDRip – Film එක රිලීස් වෙලා ටික කාලයක් ගියාට පස්සේ එනවා ඒකේ DVD එක.හැබැයි මේ DVD එකේ එන්නේ ඒ ෆිල්ම් එක විතරයි. අන්න ඒ DVD එක රිප් කරලා තමයි මේ කොපිය හදලා තියෙන්නේ. මේකෙ රූප සහ ශබ්ද වල ගුණාත්මක බව ඉහළයි.

6.HDTV – direct to home එහෙම නැත්තන් කේබල් tv වගේ ඒවා පාවිච්චි කරලා හදන් ඒවා තමා මේක. මේකෙත් ගුණාත්මකබව ඉහළයි.

7.WEB-DL – මේ පිටපත් හදන්නේ online films පෙන්නන වෙබ් අඩවි වලින් ගන්න පිටපත් වලිනුයි. ඒ අඩවියක් තමයි itunes කියන්නේ. මේවායේ ගුණාත්මක බව ඉහළයි.

8.WEBRip – මේකත් ඉහත එකට සමානයි.

9.BRRip/BDRips – මේ පිටපත් 2ම හදන්නේ blueray disk රිප් කරලයි. ඒකියන්නේ වීඩියෝවල ගුණාත්මක බාවය අඩු නොවන පරිදි size  එක අඩු කරලයි. ගුණාත්මක බව වැඩිම මෙම පිටපතේය.(20GB blueray disk එකක් rip කලාම 1GB වගේ ගන්න පුළුවන්.)


අදට මේකත් ඉවරයි.ඊළඟ එකෙන් හම්බ වෙමුකෝ.......
Share:

Clash of Clan 1කොටස..

COC එහෙම නැත්තන් Clash of Clan කියන්නේ අපි කව්රුත් දන්නා ගේම් එකක්. දැනට ලෝකේ මිලියන ගණනක් දෙනා play කරන මේ දැනුත් කොතනක හරි play කරන ගොඩාක් ජනප්‍රිය ගේම් එකක් තමයි මේ coc කියන්නේ. ෆින්ලන්ත සමාගමක් වන SuperCell කියන සමාගම තමයි මේක හදලා තියෙන්නේ.

            ඉතින් මේ ගේම් එක ගැන කිව්වොත්,කුඩා ගම්මානයක් නැත්තන් එක ගෙදරක් විශාල රාජ්‍යයක් කිරීම තමයි මේ ගේම් එකේ කරන්න තියෙන්නේ. ඒකෙදී මුලින්ම ආහාර හා මුදල්(Elixer & Gold/Coin) අපට ලබා දෙනවා. මෙම රාජධානිය අපි හදද්දී මේකේ ආරක්ෂාව උපරිම කරන්න ඔනි එහෙම කලේ නැත්තන් අපිට එන සතුරු ප්‍රහාර වලින් අපිට ආරක්ෂා වෙන්න බැරි වෙනවා.  ඒත් එක්කම අපේ තියෙන Storages ටික ආරක්ෂා කරගන්න එක වැදගත්.මෙහෙම ඒවායේ level up කරගෙන ඉස්සරහට යන්න ඕන. ඒ වගේම අපිය ඔනි නම් අනිත් රාජ්‍ය එක්ක එකතු වෙලා team එකක් හදාගෙන අපිට යුද්ධ කරන්න පුළුවන්,අපිට අමතර හමුදාව හදාගන්නත් පුළුවන්.ආ කියන්න අමතක උනා,මෙහෙම හදාගෙන යද්දී අපිට යුද්ධ  කරන්න හමුදා කණ්ඩායම් හදාගන්නත් ඕනි. මෙහෙම අපි යුද්ධ කරලා අපේ රාජ්‍ය දියුණු කරන්න ඕන.මෙන්න මේකයි සරලවම කතාව.

මෙතනින් Clash of Clan Download කරගන්න.
>>>>>>Download<<<<<<<


හැබැයි මේක download කරලා ගහන්න කලින් play stor එක update කරලා තියාගන්න..එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් හම්ල වෙමුකෝ.තව post එකකින් කොහොමද,කවුද,කවද්ද, මේ ගේම් එක හැදුවේ කියලා කියන්නම්.ඒවත් අපි දැනගෙන ඉන්න එපැයි.අදට යනවා එහෙනම්.
Share:

Prisma ගැන දැනගමු....

කොහොමද යාළුවනේ ඔන්න සෑහෙන කාලෙකට පස්සේ පෝස්ට් එකක් අරන් ආවා. ඔක්කෝටම කලින් මම සමාව ඉල්ලනවා පෝස්ට් දාන්න බැරි උන එකට මම පොඩි වැඩකට හිර උනා. හරි,කතා නැතිව අද මම කියන්න යන දේ ගැන කියන්නම්කෝ. අද මම කියන්න යන්නේ දැන් Facebook,Instagram වගේ සමාජ ජාල වෙබ් අඩවිතුල ලොකු පෙරලියක් ඇතිවෙලානි තියෙන්න මේ එක ඇප් එකක් නිසා. ඒ ඇප් එක තමා Prisma කියන්නේ.

                        මේ ඇප් එක ඉස්සෙල්ලාම ආවේ ඇපල් දුරකථන වලට.ඒත් දැන් Android දුරකථන වලටත් මේ ඇප් එක නිකුත් කරලා තියෙනවා.මේ ඇප් එකේ තියෙන සුවිශේෂී දේ කිව්වොත් එහෙම මේ ඇප් එකෙන් අපි ගත්ත පිංතූරයක් හෝ අපි ගාව තියෙන එකකට ගොඩාක් ලස්සන effects දාන්න පුළුවන් වීමයි.

ඇත්තටම මේ effects කියන්නේ පරණ චිත්‍ර වල තියෙන හැඩහැරුව මේ අපි දාන pic එකට දාගන්න පුළුවන් වීමයි.මේ ඇප් එක මම දැනගත්ත විදිහට හදලා තියෙන්නේ නිකන් මොබයිල් ඇප්ලිකේෂන් එකක් විතරක්ම නෙමෙයි,මේක එක්තරා විදිහක කෘත්‍රීම බුද්ධියක් ඒ වගේම නියුරල් නෙට්වර්ක් එකක්ද වෙනවා.

ඔයාගේ ෆෝන් එක ඇපල් ෆෝන් එකක් නම් මුලින්ම app store එකට ගිහිල්ලා prisma කියලා සර්ච් කරන්න.එතකොට මුලින්ම පෙන්වන ඇප් එක තමා original එක. ඇත්තටම ඔයාලා ගත්තේ original එකමද කියලා බලන්න ඇප් එක නිකුත් කරලා තියෙන කම්පැණි එකේ නම Prisma Labs කියලද බලන්න. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා open කරද්දී ඔයාලගෙන් කැමරා සහ මීඩියා ඇක්සස් ඉල්ලනවා.ඒවා දෙන්න.

ඒ වගේම Android අයටත් මේ වගේම තමයි.ඔය එක එක තැන්වලින් ගන්න ඇප් ෂුවර් නැත්තන් මේ prisma-ai.com කියන සයිට් එකට ගිහින් ඔයාගේ ෆෝන් එකට දාගන්න. ඔයාලා පුළුවන්නම් ඒ සයිට් එකේ register වෙන්න. එතකොට එයාලාගේ අලුත් අප්ඩේට් නිවුස් එහෙම E-mail මඟින් ඔයාලට ඇනගන්න පුළුවන්.


            ඒහෙනම් අදට ගියා.පෝස්ට් දාන්න පරක්කු උනාට ආයෙත් සමාවෙන්න.ළඟදීම දාන පෝස්ට් එකකින් අපි හැමෝම දන්න COC(clash of clan) ගේම් එක ගැනත් ‍කතාකරන්න බලාපොරොත්තු වෙනවා.එතකන් ජයම ඈ....
Share:

ඔයාගේ දුරකථනයත් Original ද කියලා හොයමු......

අද වෙනකොට හැම කෙනෙක් ගාවම phone එකක් තියෙනවනි. ඉතින් හැමෝටම අහන්න ලැබෙනවා ඇති එහෙම නැත්තන් ඔයාලගේ යාළුවෙක් හරි කියල ඇති ඔය ෆෝන් එක චයිනීස් එකක් ඕක වැඩක් නෑ කියලා එක එක දේවල් ගොඩාක්. ඒත් ඒවා ගනන් ගන්න එපා මොකද අපිටම අපේ ෆෝන් එක original ද කියලා බලාගන්න ක්‍රමයක් තමයි අද මම කියල දෙන්න යන්නේ. ඉතින් මේ තමයි IMEI (International Mobile Equipment)එහෙමත් නැත්තන් ජාත්‍යන්තර ජංගම දුරකථන හඳුනාගැනීමේ අංකයකියන එක. මේකෙන් අපිට පුළුවන් අපේ දුරකතනය හදපු රට මොකක්ද,මේකෙ කල් පැවැත්ම එහෙම කොහොමද කියන තොරතුරු දැනගන්න.



හරි එහෙනම් ලේසි වැඩක් තියෙන්නේ. ඔයාලගේ phone එකේ *#06# ගහන්නකෝ බලන්න. ඒතකොට එයි IMEI කියලා නම්බර් එකක්. ඒකේ තියෙන 7වෙනි සහ 8වෙනි අංක බලන්න මොනාද තියෙන්නේ කියලා.

Ex:- X X X X X X X X X X X X X X X

මෙන්න මේකෙ රතු පාට කරලා තියෙන අංක දෙක

දැන් ඒ අංක දෙක මෙන්න මේවා නම්.............

02 හරි 20 නම්....
ඔයාගේ දුරකතනය එක්සත් අරාබි එමිල් වල හදපු ටිකක් පහත් ගුණාත්මක භාවයකින් යුතු එකක්.

08 හරි 80 නම්....
ඔබේ ෆෝන් එක ජර්මනියේ එකලස් කරපු සමාණ්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

01 හරි 10 නම්....
ෆින්ලන්තයේ එකලස් කරපු ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

00 නම්.....
ඔබේ ෆෝන් එක Original ෆැක්ට්‍රි එකේදි හදපු කිසි අව්ලක් සුපිරි නැති ෆෝන් එකක්.(මේවා හොයාගන්න අමාරුයි)

13 නම්....
ඔබේ ෆෝන් එක අසර්බයිජින්(Azerbaijan කියන්නේ බටහිර ආසියාවයි,නැගෙනහිර යුරෝපයයි  මායිමේ තියෙන රටක්ලු.),වල එකලස් කරපු ඉතාම පහත් තත්ත්වයෙන් යුතු පාවිච්චියට ඉතාම නුසුදුසු එකක්.

30/03 –Korea
40/04 –China
50/05 –Finland,Brazil,USA
60/06 –HK,China,Mexico
70/07 –Finland
91/19 –Finland

ඔන්න එහෙනම් මේකත් ඉවරයි.ටෙස් කරලා බලන්නකෝ ඔයාගෙ ෆෝන් එකේ තත්වය ගැන...

අදහසකුත් දාල යන්න...ඊළඟ පෝස්ට් එකෙන් හම්ල වෙමුකෝ...
Share:

Dialog Sim ගැන තොරතුරු...

ඔන්න අද මම කියලා දෙන්න යනනේ ගොඩාක් දෙනෙකුට වැදගත්වෙන දෙයක්. ඒ තමයි ගොඩ දෙනෙක් use කරන්නේ දැන් Dialog සිම්නෙ ඉතින්. ඒ අයට වටී කියලා හතලා තමයි මේ පෝස්ට් එක හැදුවේ. මේකෙදි මම දාලා තියෙන්නේ Dialog සිම් වලින් අපිව වැදගත් වෙන දෙයක්,බලන්නකෝ වැදගත්ද කියලා...

1.සිම් එක ගැන විස්තර-- #132#

2.තමන්ගේ නමට තියෙන වෙනත් සිම් ගැන-- #132#1#1#

3.ගිණුම රිචාර්ජ් කිරීම-- #123#PIN No#
                                    TOP<space>Pin No.123ට යවන්න.

4.ගිණුමේ ශේෂය දැනගැනීම-- #456# , 456 Dialකරන්න.
                                                BALකියලා 456ට sms කරන්න.

5.අමතර තොරතුරු-- #107#

6.කරදරකාරී SMS Block කරන්න-- Block<space><block කරන්න ඕනි නම්බර් එක> තමාගේ අංකයට SMS එකක් එවාගන්න.

7.Star Points බලාගන්න-- #140#

8.Time Based Packages සහ Active කරගන්නා ආකාරය.

9.Active කිරීම-- #678# හෝ KBB<space>පැකේජයේ ගාන. 678 යවන්න.

මිනිත්තු 30 -- KBB<space> 20
පැය 2 -- KBB<space>50
පැය 5 -- KBB<space>100
පැය 12 -- KBB<space>200
පැය 24 -- KBB<space>400 (සියළුම SMS 678ට යැවිය යුතුය )

10.Time Based පැකේජය ක්‍රියා විරහිත කිරීමටOFF<space>KBBකියලා 678ය මැසේජ් කරන්න.

11.පෙරගෙවුම් පැකේජ Active කිරීම.

මේවා ඇක්ටිව් කිරීමට INT<space>පැකේජයේ වටිනාකම.678ට යවන්න.

හරි අදට ඉවරයි ප්‍රශ්ණ තිබුණොත් අහන්න.


Share:

Labels

Followers

Labels

Recent Posts

Unordered List

  • Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit.
  • Aliquam tincidunt mauris eu risus.
  • Vestibulum auctor dapibus neque.

Pages

Theme Support

Need our help to upload or customize this blogger template? Contact me with details about the theme customization you need.
FutureTechbox. Powered by Blogger.