හොර WhatsApp...පරිස්සම් වෙන්න. - FutureTechBox

Latest Tech News,films and tv shows.....

Breaking

Wednesday, November 8, 2017

හොර WhatsApp...පරිස්සම් වෙන්න.




අද ලෝකේ මිලියන ගානක් ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයෝ පාවිච්චි කරන ඇප් එකක් තමයි වට්ස්ඇප්(WhatsApp) කියලා කියන්නේ. ඉස්සෙල්ලාම මේ ඇප් එක මැසේජ් යවන්න පුළුවන් විදියට තමයි අපිට හඳුන්වා දුන්නේ. ඒත් දැන් වෙනකොට මේකෙන් වීඩියෝ කෝල් උනත් ගන්න පුළුවන්. ඉතින් අපි මේ ඇප් එක ගොඩක් ක්‍රම වලට අපේ ෆෝන් එකට download කරගන්නවා. ගොඩක්ම secure ක්‍රමය විදියට හඳුන්වන්නේ තමන්ගේ ෆෝන් එකේ ඇප් ස්ටෝ එකෙන් ගන්න කියන එකයි. ඉතින් ඒ විදිහටම තමයි මාත් WhatsApp ගත්තේ. ඒත් දැන් ඒකත් unsecure වෙලා තියනවා. මොකද කිව්වොත් දැන් store වල fake apps තියනවා. විශේෂයෙන් android ෆෝන් පාවිච්චි කරන අය use කරන්නේ play store එකනි. ඉතින් මේ play store එකේ බොරු ඇප් fake WhatsApp, Apps ගොඩක් තියනවා. මේ පහළතියෙන්නේ.. ඒ වගේ.


ඔයාලා හොඳට මේ ඇප් දිහා බැලුවොත් පෙනේවි මේවා හදපු සමාගම විදියට WhatsApp Inc. කියලා තමයි හරි ඇප් එකේ තියෙන්නේ. Fake Apps වලත් මේ ළඟින් යන නමක් තමා දාලා තියෙන්නේ. ගොඩක් fake ඇප් මේ වෙනකොටත් play store එකෙන් අයික් කරලා තියෙන්නේ. ඒත් ඉතින් තවත් ඒවා කියනවා.

හරි ඇප් එක හොයාගන්න තියන හොඳම විදිය තමයි ඔයාලා WhatsApp search කරපු ගමන් එන පළවෙන result එක තමයි හරි ඇප් එක. 

ඒ වගේම එයාලගේ වෙබ් සයිට් එකට ගිහින් බලන්න. කමෙන්ට් කියවන්න. ඒවගෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම .මයි ඔයාලා ඉන්ස්ටෝල් කරලා තියන ඇප් එකේ ඇඩ් එනවනම් අනිවාරෙන්ම ඒ ඇප් එක fake ඇප් එකක්. ඒ නිසා දැන් play store එකෙන් උනත් ඇප් එකක් ගන්න යනවනම් අනිවාරෙන් හොඳට හොයලා බලලා ගන්න.
මෙන්න WhatsApp Web Site එක.

Source : Fossbytes


හරි අදට මේ පෝස්ට් එක ඉවරයි. මේ පෝස්ට් එක ශෙයා කරලා තවත් කව්රුහරි මේ අව්ලේ වැටෙන්න කලින් දැනුවත් කරන්න.

Pages