iOS



කොහොමද, ටික දවසකට පස්සේ නේද? අද නම් අරගෙන ආවේ පට්ට news එකක්. මොකක්ද දන්නවාද? ඉඳලා ඉඳලා පටන් ගත්තා YouTube චැනල් එකක්. Science & Technology category එකෙන්. මෙන්න මෙතතනින් බලන්න.

ඉතින් මේ මොකක්ද කියලා පැහැදිලි කරලා ඉන්නම්කෝ. චැනල් එකේ නම තමයි FUTURETECHBOX. ඔව් ඔව් මේකේ නමම තමා. මේ නම කව්රුත් පාවිච්චියක් නෑනි. ඉතින් මේ මොකක් ගැනද කිව්වොත් ආයේ ඉතින් අහන්න දෙයක් නෑ ටෙක් ගැන තමා. ඉතින් ඉස්සෙල්ලාම අදහසක් දුන්නේ අපේ අයියා. ඉතින් ඒ මනුස්සයාට ඉස්සෙල්ලා thanks කරන්න ඕන. ලංකාවේ දැන් වෙනකොට ගොඩක් ටෙක් චැනල් තියනවා. ඉතින් එකෙන් කියන්නේ අපේ මිනිස්සු කොච්චර නම් මේ තාක්ෂණයට ආසයිද කියලනේ. ඉතින් තව චැනල් එකක් එකතු උනා කියලා කොහොත්ම වැඩි වෙන්න විදියක් නෑ. අන්න ඒ නිසයි මම මේක පටන් ගත්තේ.
ඉතින් මේ තියන ගොඩක් චැනල් වල mobile phone ගැන තමා කතා කරන්නේ. ඒක හොඳයි ඉතින්. ඒත් ඒ ගොඩක් දෙනා කතා කරන්නේ ගොඩක් මිලෙන් වැඩි සමහර අයට ගන්න පුළුවන් සමහර අයට හීනයක්ම විතරක් වෙන පෝන් හරි මොකක් හරි ගැජට් ගැනනේ. ඉතින් මම හිතුවා හැමෝටම ගන්න පුළුවන් දේවල් ගැනත් කතා කරන්න. මොකද ගොඩක් දෙනා 2nd hand පෝන් ගන්නවනි. ඉතින් ගන්න කලින් ගන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියනම් හොඳයි නේද? ඒ වගේම අපේ රටේ තියන තව දෙයක් තමයි brand වලට මරාගන්න එක. අන්න ඒ නිසාම මේ චැනල් එකෙන් පෝන් ටෙස් කරන්නත් හිතාගෙන ඉන්නවා. එතකොට කාටවත් මොනවත් කියන් නැතුව අපිටම පුළුවන් නිගමනයනට එන්න. ඒ වගේම අපි හැමෝම laptop, desktop පාවිච්චි කරනවනේ. ඉතින් ඒවා ගැනත් වීඩියෝ ගෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම කතා නොකරම බැරි දෙයක්නේ ගේම් කියන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු ගේම් ගැනත් කතා කරන්න. ඒ වගේම එක එක දේවල්(tech සම්බන්ධ) ගැන අපි අතරෙම තියන අදහස් ගැන කතා කරමු. ඉතින් මේ හැමදේම කරන්නත් කලින් ඔයාලා මගේ චැනල් එකට subscribe කරන්න. ඒ වගේම වීඩියෝ ශෙයා කරන්න. ලයික් කරන්න, කොමෙන්ට් කරන්න. ඒක ලොකු motivation එකක් වෙයි.
ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මේ වීඩියෝ වැඩේට මම අලුත්. ඒ නිසා පොඩි පොඩි වැරදි වෙයි. ඉතින් ඒ වගේ වැරැද්දක් දැක්කොත් ඒක කියලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වැඩේට උදවු කරපු මගේ යාළුවෝ සෙට් එකට තෑන්ක්ස් කරන්න ඕන. මොකද උන් සෙට් එක නැත්තන් මේ වැඩේ ගොඩක් අමාරු වෙනවා.





ඉතින් මං මේ කරන දේවල් කොහොමද කරන්නේ කියලා බලාගන්න කැමතිනම් මගේ social media වලින් follow කරන්න. මතක ඇතුව යන්න ගිහින් බලන්න චැනල් එක, දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම subscribe කරන්න.

අදට පෝස්ට් එක ඉවරයි... තවත් පෝස්ට් එකකින් ඉක්මණින්ම හම්බවෙමු.
Like කරන්න අපේ page එකට. Join වෙන්න FUTURETECHBOX Commiunity එකට.
ඒ වගේම Follow කරන්න මාව Twitter, Instagram, Google+
ලින්ක් ටික බ්ලොග් එකේ උඩයි පහළයි ඇති.

1 comment:

  1. very specific nice content. This article is very much helpful and i hope this will be an useful information for the needed one.Keep on updating these kinds of informative things
    I likable the posts and offbeat format you've got here! I’d wish many thanks for sharing your expertise and also the time it took to post!!

    Best Website For TV Series & Movies Free Download & Games 

    The Flash Season 1  

    The Flash Season 2 Full  

    The Flash Season 5 Full  

    Daringbaaz Lootere 2019 Full Movies  

    Brooklyn Nine-Nine  

    ReplyDelete