iOS


 
Source : huaweicentral.com

Huawei සමාගමෙන් ඊළඟට එන්න තියන ෆෝන් එක තමයි Huawei Mate 30 කියලා කියන්නේ. ඉතින් අපි හැමෝම දන්නවා වගේ ඇමරිකාව මේ හුආවේ සමාගමට පොඩි වෙළඳ තහනමක් දාලයි තියෙන්නේ. ඉතින් මෙයාලගේ මේ අලුත් Flagship Phone ෆෝන් එකට Operating System එකක් තමයි දැනට තියන ප්‍රශ්නය. ඉතින් අන්න ඒ හේතුවට හුආවේ සමාගට කියලා තිබුනා අලුත්ම Operating System එකක් හඳුන්වා දෙනවා කියලා. මේ OS එකේ නම විදියට “Hongmeng Os” කියලා තමයි කියන්නේ.

            ඉතින් මේ අලුත් OS එක ජනතාවට අතරට එවන්නේ කවදද කියලා තමයි ගොඩක් දෙනා බලාගෙන ඉන්නේ. ඉතින් මේ OS එකයි අලුත් Huawei Mate 30 ෆෝන් එකපාර එළියට එවන්න තමයි මෙයාලා හිතාගෙන ඉන්නේ. ඉතින් දැනට තියන ආරන්චි වල විදියට මේ OS එක දැනටමත් මේ අලුත් පෝන් එකේ ටෙස්ට් කරලත් ඉවරයි.

Source : digitaltrends.com

 
මේ ඔක්තෝම්බර් මාසේ වගේ වෙනකොට Mate 30 එක release කරයි. ඒකත් එක්කම අපිට මේ Android beat කරන්න එන අලුත්ම Hongmeng Operating System එක බලාගන්නත් පුළුවන් වෙයි.

No comments:

Post a Comment